කාලයක් කතා වුණු ප්‍රසිද්ධ මන්ත්‍රීනිදොස් කොට නිදහස්..

By Sithumi Feb 15, 2022 11:11 AM GMT
Report

විදුහල්පතිනියක දණගැස්වූ බව කියන සිද්ධියට අදාළ නඩුවෙන් ඌව පළාත් හිටපු මහ ඇමති, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නිදොස් කොට නිදහස් කර තිබේ. ඒ ඊට අදාළ නඩුව අද (15) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීය.

බදුල්ල දෙමළ බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනී භවානි රඝුනාදන් මහත්මියගේ පැමිණිල්ලකට අනුව බදුල්ල පොලීසිය විසින් අදාළ නඩුව පවරා තිබුණි. නීතිපති උපදෙස් මත මෙම නඩුව සමථ මණ්ඩලය වෙත යොමු කිරීමට මහෙස්ත්‍රාත්වරයා පසුගියදා නියෝග කළේය. ඒ අනුව දෙපාර්ශ්වයම බදුල්ල සමථ මණ්ඩලය වෙත කැඳවූ අවස්ථාවේදී සමථ වී තිබේ

. ඒ අනුව මහෙස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා පැවසුවේ සමථ මණ්ඩලයේදී ඇතිවී තිබෙන සමථය අනුව චූදිත චාමර සම්පත් දසනායක නිදොස් කොට නිදහස් කරන බවය. කෙසේවෙතත් විදුහල්පතිනී භවානි රඝුනාදන් මහත්මිය අද අධිකරණයට පැමිණ සිටියේ නැති බව අප වාර්තාකරු පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
Join now