මන්ත්‍රීවරයෙකු තවත් මන්ත්‍රීවරයෙකුට රිවෝල්වරයක් පෙන්නා තර්ජනය කරයි.. වීඩියෝවකුත් සමඟ පොලීසියට පැමිණිල්ලක්..

By Sithumi Sep 29, 2022 11:35 AM GMT
Report

කතරගම ප්‍රාදේශීය සභාව මේ වන විට විසුරුවා හැර තිබේ.

එහි හිටපු සභාපති පොදුජන පෙරමුණේ නායක අනුර රංගන මහතා පෙරේදා රාත්‍රියේ 11.30 ට පමණ මත්පැන් පානය කොට යතුරු පැදියකින් පැමිණ කතරගම නගරයේ හෝටලයක් ඉදිරියේදී පොදුජන පෙරමුණේම හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී H.R.J දසුන් ඉන්දික මහතාට රිවෝල්වරයක් එල්ල කොට පරුෂ වචනයෙන් බැන තර්ජනය කළේ යැයි එම මන්ත්‍රීවරයා වීඩියෝ දර්ශනයක් ද සමග කතරගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

කතරගම ප්‍රාදේශීය සභා රැස්වීමකදී දසුන් මන්ත්‍රීවරයා සභාපතිවරයාට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් හේතු කොටගෙන මෙම තර්ජනය එල්ල කරන්නට ඇතැයි කතරගම පොලිසිය සැක පළ කරනවා.

ප්‍රාදේශීය සභාවේ දිගින් දිගටම දූෂණ අක්‍රමිකතා සිදුව ඇති බවට චෝදනා කරමින් මෙම වසරට අදාළව අයවැය පසුගිය වසරේ ය අවස්ථා තුනකදීම පරාජයට පත් කිරීම යනාදී පත්කිරීම යන ආදී හේතු මත ඊයේ මෙම ප්‍රාදේශීය සභාව විසුරුවා හැර තිබුණා.