ඇමති සුනිල් හඳුන්නෙත්ති ට ඉංග්‍රීසි බැරිද ? සමුළුවට ගිහින් මොකක්ද කරගත්තේ ?

Sri Lanka Politician Bimal Rathnayake Latest Headlines Sinhala news NPP Government
By Ashfa Jun 29, 2025 05:58 AM GMT
Report

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන සුනිල් හඳුන්නෙත්ති මහතා, ලෝක ආර්ථික මණ්ඩලය (World Economic Forum) සංවිධානය කළ සමුළුවකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී විය. 

සමුළුවේදී ජියෝපොලිටික් සහ එක්සත් ජනපදය සම්බන්ධ ආර්ථික ක්‍රියාමාර්ග පිළිබඳව යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දීමට අමාත්‍යවරයා උත්සාහ කරන ඔහුගේ කතාවක් අඩංගු වීඩියෝවක් සමාජ ජාලවල පැතිර ගොස් දැඩි විවෙචනාවකට ලක්වී තිබේ. 

එම වීඩියෝව යටතේ 300කට අධික අදහස් දැක්වීම් වාර්තා වන අතර, විශාල පිරිසක් විවේචනය කළේ අමාත්‍යවරයාගේ පිළිතුර ප්‍රශ්නයට නොගැලපුණු බවත්, ඔහු මතකයෙහි තබාගත් සටහන් කිහිපයක් පමණක් කියා දක්වමින් ඔහුට ඉංග්‍රීසි භාෂාව නොහැකි බවත්ය. 

සමාජ මාධ්‍ය පරිශීලකයන් කිහිපදෙනෙක් සඳහන් කර සිටියේ ජාත්‍යන්තර වේදිකාවකදී එරට නියෝජිතයෙකු ලෙස වගකීම් සහිතව, භාෂා නුපුරුදුකමක් නැතිව, වෘත්තීයමය මට්ටමින් ප්‍රතිචාර දැක්විය යුතු බවය.

එහෙත් වෙනත් පාර්ශවයන් පවසන්නේ, සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ජාත්‍යන්තර නියෝජනය ශ්‍රී ලංකාවට වැදගත් මට්ටමක පිහිටීමක් බවත්, මෙවැනි අවස්ථා තුළ දේශීය මතයන් ලෝකයට හෙළිදරව් කිරීම යහපත් පියවරක් බවත්ය.