හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකු අල්ලස් නඩුවකින් නිදෙස් කොට නිදහස් කෙරේ..
Sri Lanka
By krishani
හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසිට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසම ගොනුකර තිබූ නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ අද (29) නියෝග කළා.
ඒ අල්ලස් කොමිසම විසින්, චෝදනා පත්‍රය ඉල්ලා අස් කරගැනීමට අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්.
හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි ආපදා කළමනාකරණ අමාත්‍යවරයාව සිටි සමයේ නෙදර්ලන්තය විසින් ලබාදුන් රුපියල් කෝටි 2 ක සුඛෝපභෝගී රථය පෞද්ගලික පරිහරණය කළ බවට චෝදනා නගමින් මෙම නඩුව ගොනුකර තිබුණේ.