මෙවර මහ කන්නයේ ගොවීන්ගෙන් වී මිලදී ගත යුතු අවම මිල ගණන් නියම වෙයි.

Mahinda Amaraweera Ministry of Agriculture
By Wayomi Feb 09, 2024 06:49 AM GMT
Report

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මෙවර මහ කන්නයේ ගොවීන්ගෙන් වී මිලදී ගත යුතු අවම මිල ගණන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව තෙතමනය 14%ක මට්ටමේ පවතින නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 105කටත්, සම්බා කිලෝවක් රුපියල් 120කටත්, කීරි සම්බා රුපියල් 130කටත් මිලදී ගත යුතු වනවා.

එමෙන්ම තෙතමනය 14%කට වඩා වැඩිනම් නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 90කටත්, සම්බා රුපියල් 100කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 120කට මිලදී ගත යුතුයි

අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියේ, මේ සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සඳහා රුපියල් මිලියන 50ක උපරිම ණය මුදලක් හා වී ගබඩාකරුවන් සහ එකතු කරන්නන් සඳහා රුපියල් මිලියන 25ක ණය මුදලක් රජය විසින් රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා ලබාදීමට නියමිත බවයි.