කිරි අල, මඤ්ඤොක්කා ගෙන්වීමට ඩොලර් මිලියන ගණනක් වියදම් කරලා. - සම්පූර්ණ විස්තරය මෙන්න.
Parliament of Sri Lanka
Sri Lanka Economic Crisis
Sri Lanka
Government Of Sri Lanka
By Wayomi
පසුගිය වසරේ කිරි අල ඇතුළු මෙරට වැවෙන බෝග කිහිපයක් ගෙන්වන්නට ඩොලර් මිලියන 295 ක් වැය කර ඇති බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඔහු තව දුරටත් කියා සිටියේ,සුදු ලූනු, අල, කජු, ගොරකා, තක්කාලි, ගස්ලබු කොමඩු, කිරි අල, අන්නාසි, මෑ කරල්, කජු ආදිය මෙලෙස ඩොලර් වැය කර ආනයනය කර ඇති බවත්ය.
එමෙන්ම ආණ්ඩු පක්ෂයේ හිටියාට බොරුවට පම්පෝරි නොගසන ලෙස පවසා අමාත්‍යංශ වලට ජනපති වෙන් කළ මුදල් වලින් තමන්ගේ යුතුකම ඉටුකරන්නැයි මන්ත්‍රීවරයා ඉල්ලීමක් කරනවා.
"තවදුරටත් කිරි අල, මඤ්ඤොක්කා, බතල ගෙන්වන ආර්ථිකයක් හදා වැඩක් නැතැයි කීය. මහ පොළොවේ වැවෙන බෝග ටික වවා ගන්නේ නැතිව පොළොව යට තියෙන ඛනිජ ගැන සෙවීමෙන් වැඩක් නැහැ. කිරි අල ,මඤ්ඤොක්කා ගෙනැවිත් රටේ තිබෙන ඩොලර් පිටරට වෙත යවන්න උත්සාහ කරනවා නම් එය සැමගේ අවාසනාව..."