ගුරුවරියගෙ මුදල් පසුම්බිය සොරකම් කළැයි සිසුන්ට පහර දුන් විදුහල්පතිනියගේ වැඩ තහනම්..

Sri Lanka Police Sri Lanka
By krishani Nov 09, 2022 06:57 AM GMT
Report

ගුරුවරියකගේ මුදල් පසුම්බියක් සොරකම් කළේ යැයි චෝදනා කරමින් සිසුන් කිහිප දෙනෙකුට පහර දී කෲරත්වයට පත් කිරීමේ සිද්ධියට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මිල්ලනිය ගුංගමුව කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනියගේ වැඩ තහනම් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු පරීක්ෂණයක් සිදු කරන බව බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් සඳහන් කළේ ය.

ඊයේ(08) අදාළ විදුහල්පතිනිය සහ මිල්ලනිය පොලීසියේ නිලධාරින් දෙදෙනෙකු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා නියෝග කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join