කිරි කපන්නන්ට සහ රා මඳින්නන්ට ලැබුණු NVQ-3. - (PHOTOS)

Mahinda Amaraweera Ministry of Agriculture
By Wayomi Feb 16, 2024 09:56 AM GMT
Report

රබර් කිරි කපන්නෝ 169 දෙනෙකුට අගලවත්ත රබර් පර්යේෂණායතනයේදී ජාතික වෘත්තීය නිපුණතා සහතික (NVQ-3)සහතික පිරිනමා තිබෙනවා.

ඒ, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ඉල්ලීමක් අනුව ජාතික ආධුනිකත්ව මණ්ඩලය විසින් දෙසතියක විධිමත් පුහුණුවක් ලබාදීමෙන් අනතුරුවයි.

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ,රබර් කිරි කැපීමේ කම්කරුවන් ලෙස හැඳින්වූ පිරිසගේ වෘත්තිය ගරුත්වය ආරක්ෂා කිරීම සඳහා මෙම පියවර ගත් බවත්, ඔවුන් මින් පසු රබර් අස්වනු සහායකයින් ලෙස හඳුන්වන බවත්ය.

එමෙන්ම තල්, කිතුල්, හා පොල් කර්මාන්තය ආශ්‍රිතව රා මඳින හා ගෙඩි කඩන පුද්ගලයින්ටත් මෙම NVQ-3 සහතිකපත් දුන් බවද එම කර්මාන්තයේ යෙදෙන පුද්ගලයින්ට මෙවැනි පුහුණුවක් සමග සහතික පත් ලැබීම නිසා ඔවුන්ට විදේශගත වී ආදායම් ඉපයීමටත් අවස්ථාවක් ලැබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සහතික පත් ප්‍රදානය සිදු කෙරුණු අතර එම අවස්ථාවට රබර් පර්යේෂණ මණ්ඩලයේ සභාපති ලක්ෂ්මන් අබේගුණසේකර, ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ උප සභාපති එස්. එච්. හරිස්චන්ද්‍ර යන මහත්වරුන් ද එක්විය.


GalleryGallery