මෙරටට ගෙනා කිරිපිටි තොගයට කරන්න හදන දේ..රාජ්‍ය නිලධාරීන්ගේ කුමන්ත්‍රණයක් ද..?

Food Shortages Sri Lanka Sri Lanka Food Crisis
By Sewvandhi Nov 26, 2022 12:18 PM GMT
Report

රාජ්‍ය ආයතන කිහිපයක නිලධාරීන් පිරිසක් සිදු කරන කුමන්ත්‍රණයක් ගැන කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකයෙකු චෝදනා කරනවා.

එනම් රට තුළ කිරිපිටි හිඟයක් නිර්මාණය කිරීම සඳහා, මොවුන් ක්‍රියා කරන බවත් පසුගිය ජූලි මාසයේ දී ආනයනය කළ කිරි පිටි කිලෝ ග්‍රෑම් ලක්ෂ හතරක තොගය සත්ව ආහාර බවට පත්කිරීමේ සූදානමක් පවතින බවත්  කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ආචාර්ය ලක්ෂ්මන් වීරසූරිය මහතා පවසනවා.

"කිරිපිටි කිලෝ ලක්ෂ 4ක් වරායේ සිරවෙලා. දරුවන් ලක්ෂ 16කට ලබාදෙන කිරි. ජූලි මාසයේ සිට වරායේ සිරවෙලා දැන් නරක්වෙලා. දැන් කිරිපිටි කුකුල් කෑම සඳහා වෙන්දේසි කරන්න යන්නේ. ජූලි මාසයේ ගෙන්වනු ලැබූ කිරි දැන් නරක් වෙලා. අව් රශ්මිය නොමැති ස්ථානයක ගබඩා කළ යුතුයි. රේගුවෙන් කියනවා එහෙම පහසුකම් එයාලට නැහැලු."

"වරායට නැව ආවේ ඔක්තෝම්බර් 20. අපි මේක අනුමැතිය සඳහා ඉල්ලලා තියෙන්නේ ඔක්තෝම්බර් 5 වනදා. ඔක්තෝම්බර් 5 වනදා කර්මාන්ත අමාත්‍යංශයට යොමු කළ ලිපිය 19 වනදා යොමු කරලා තියෙනවා ආනයන පාලකවරියට. උපුල්මලී ප්‍රේමතිලක කියන මහත්මියට. එතුමිය මේක තියාගෙන හිටියා දවස් 35ක්.. එතුමියගේ කාර්යාලයේ. නොවැම්බර් මාසේ 15 වනදා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට යවනවා ලිපියක් මේක 'favourably considered' කියලා."

"මේකේ ඉංග්‍රීසි තේරෙන්නේ නෑලු රේගු නිලධාරීන්ට. දෙන්න කියලත් නෑ නොදෙන්න කියලත් නෑලූ. එහෙනම් අපි කිව්වා.. මේක රටට අවශ්‍ය නැතිනම් මේක ප්‍රති නැව්ගත කරන්න. ඉන්දුනීසියාව, වියට්නාමය ඉල්ලා තියෙනවා මේ කිරි ටික. ඒක දෙන්නෙත් නෑ. මේ අයට ඕනේ මේක මෙතන තියලා නරක්වෙනවා කියලා ඊට පස්සේ ජාවාරම් කරුවන්ට විකුනලා දඩ මුදලින් කොටසක් ගන්න. නැතිනම් පගාව ගන්න."

"මගේ ආයතනයේ 512ක් වැඩ කරනවා. මම ආයතනය වසා දමනවා. මට මිලියන 600ක් ලක්ෂ 6,000ක පාඩුවක් තියෙනවා. රටේ දේශීය ව්‍යාපාර වහන්නේ. බදු ගෙවනවා." "මම වහනවා මේ අයතනය. ජනවාරි මාසේ මේ 512ටම මම කියනවා මේකට සම්බන්ධ වෙච්ච රාජ්‍ය නිලධාරීන්ගෙන් රස්සාවල් ඉල්ල ගන්න කියලා..."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now