කිරිපිටි මිල යළිත් ඉහළ යන ලකුණු! දැනට අලුත් වූ මිල ගණන් මෙන්න!
By Sewvandhi
ආනයනික කිරිපිටි මිල ලබන සතියේදී බෙහෝ දුරට ඉහළ දමනු ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර පවසන්නේ මේ වන විට කිරිපිටි තොග අවසන් බවත් නැවත ආනයනික කිරිපිටි තොග ලබන සතියේදී ලැබෙන බවයි.
ඒ අනුව, කිරිපිටි තොග ලැබුණු පසු අදාළ මිල සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා කර මිල ගණන් ප්‍රකාශයට පත් කරන බව ඔහු වැඩිදුරට ත් සඳහන් කළා.
ආනයනික කිරිපිට මිල මාර්තු 19 වන දා ඉහළ දැමූ අතර ඒ අනුව, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රු. 250කින් සහ කිලෝ ග්‍රෑම් 1 පැකට්ටුවක මිල රු. 600කින් ඉහළ දැමීමට එම සංගමය කටයුතු කර තිබුණා.
මිල ඉහළ දැමීමත් සමග ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් මේ වන විට වෙළෙඳපොළේ අලෙවි වන්නේ රුපියල් 790කටයි. කිලෝග්‍රෑම් 1 පැකට්ටුවක් අලෙවි වන්නේ, රු. 1945කටයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |