කිරිපිටි කල් ඉතුත් වෙලා ද? ආනයනකරුවන් කියන අලුත්ම කතාව..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Nov 30, 2022 03:17 AM GMT
krishani

krishani

in ආහාර
Report

වරායේ ඇති කිරිපිටි තොගය නිදහස් කර එම තොග සම්බන්ධයෙන් ඕනෑම පරීක්ෂණයක් සිදු කරන මෙන් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ඉල්ලීමක් සිදු කරයි.

කිරිපිටි කිලෝග්‍රෑම් ලක්ෂ 04ක් පමණ වරායේ රඳවාගෙන ඇති බවත් එම තොග පරිභෝජනයට නුසුදුසු තත්වයට පත්ව ඇති බවත් ආනයනකරුවන් පැවසීය.

ආනයනය කරන ලද කිරිපිටි කිලෝග්‍රෑම් ලක්ෂ 04ක ප්‍රමාණයක් නුසුදුසු තත්වයකට පත්ව ඇති බවට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සිදු කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව රේගු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

අදාළ සංගමයේ සභාපතිට අයත් ආනයනික කිරිපිටි බහාලුම් 06ක් පසුගිය 14 වන දා වැඩිදුර විමර්ශන සඳහා රඳවා තබාගත් බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join