සියලුම තරුණ තරුණියන් සඳහා හමුදා සේවය අනිවාර්ය කරමින් නියෝගයක්..18ත් 35ත් අතර අනිවාර්යයි.

Army Day World
By Aruna Feb 11, 2024 03:48 AM GMT
Report

සියලුම තරුණ තරුණියන් සඳහා හමුදා සේවය අනිවාර්ය කර තිබෙන පුවතක් මියන්මාරයෙන් වාර්තා වනවා.

විදෙස් මාධ්‍යය වාර්තා කර සිටින්නේ, මියන්මාරයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව, අවුරුදු 18ත් 35ත් අතර වයසැති සියලු පිරිමි පුද්ගලයන් සහ අවුරුදු 18ත් -27ත් අතර වයසැති තරුණියන් අවම වශයෙන් වසර 02ක් හමුදා අණ යටතේ සේවය කළ යුතු බවයි වාර්තා වන්නේ.

2021 වසරේ දී කුමන්ත්‍රණයකින් හමුදාව විසින් එරට බලය අත්පත් කර ගනු ලැබුව ද යළිත් මෑත කාලයේ දී මිලීෂීයා සහ හමුදා විරෝධී කැරලිකරුවන් සමඟ පැවති සටන්වල දී පරාජයට පත් වුණා.