ප්‍රේක්ෂකයන් පිස්සූ වට්ටමින් ලෝක පූජිත මයික් ටයිසන් හා ජේක් පෝල් අතර අතිශය තීරණාත්මක සටනක් - දිනය මෙන්න..

Boxing Latest Headlines
By Sewvandhi Mar 09, 2024 03:55 PM GMT
Report

ලෝක පූජිත හිටපු Heavyweight බොක්සිං තරුවක් වන Mike Tyson යූ ටියුබ් තරුවක් වන බොක්සිං ක්‍රීඩක Jake Paul සමඟ තරග වැදීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා.

විශාල ප්‍රේක්ෂකයන් පිරිසකගේ අවධානය යොමුව ඇති මෙම තරගය ජූලි 20 වැනිදා AT&T ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ, Netflix ගිණුමක් ඇති ඕනෑම කෙනෙකුට අමතර වියදමක් නොමැතිව මෙම උද්වේගකර තරගය නැරඹීමේ හැකියාවක් පවතින බවයි.

දැනට විශ්‍රාම සුවයෙන් පසුවන Mike Tyson මේ වන විට 58වන වියෙහි පසුවන අතර Jake Paulගේ වයස අවුරුදු 27ක්.

1997 ජනවාරි 17 වන දින Clevelandහි උපත ලැබූ Jake Paul ඉපදී මාස හයකට පසු, එවකට 31 හැවිරිදි Mike Tyson නෙවාඩා හි Evander Holyfield සමඟ සටන් කළ ඉසව්වකදී ඩොලර් මිලියන 100ක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Mike Tyson පවසන්නේ ''මම Jake Paul සමඟින් සටනට පිවිසීමට ඉතා ආශාවෙන් බලා සිටිමි,'' යන්නයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තාකර සිටින්නේ කෙසේ වෙතත් මෙම උද්වේගකර තරගය පැවැත්වෙන තුරු සුවහසක් ක්‍රීඩා ලෝලීන් මහත් උනන්දුවකින් බලා සිටින බවයි .