රෝහල් ඖෂධ ලබා ගත් සිසුන්ට හදිසියේම සිදුවූ දේ.. කිහිප දෙනෙකුම රෝහලේ

School Incident School Children
By Sithumini Jul 15, 2024 04:23 AM GMT
Report

.

මිහින්තලය රෝහලෙන් නිකුත්කළ ඖෂධ ලබාගත් ළමුන් කිහිපදෙනෙක් ආසාත්මිකතාවයක් ඇතිවී රෝහල්ගත කර තිබෙනවා එසේ ආසාත්මිකතාවය ඇති වී ඇත්තේ සෙම්ප්‍රතික්ශාව සහ සෙම සඳහා ඖෂධ ලබාගත් ළමුන් පිරිසකටයි.


 එම ඖෂධ දරුවන්ට දුන් පසු එම දරුවන්ගේ කටවල් ඇදවී, දිව එළියට ඇවිත් බෙල්ල කඩා වැටී තිබූ බවයි වාර්තා වනේ.

එලෙස රෝගීවූ දරුවන් 9 දෙනෙක් මිහින්තලේ රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට යවා තිබෙනවා.

වයස අවුරුදු 6 සිට 12 දක්වා දරුවන්ට මෙම ආසාත්මික තත්ත්වය ඇතිවී තිබුණා.