හදිසියේම CID අත්අඩංගුවට පත් කෝටිපතියා..

CID - Sri Lanka Police Sri Lanka Police Sri Lanka Police Investigation Businessman
By Sewvandhi Feb 15, 2024 02:39 PM GMT
Report

ඊයේ (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ විමර්ශන අංක 01හි නිලධාරීන් පිරිසක් විසින් නීතිවිරෝධීව වත්කම් උපයා ගත් බවට සැකපිට මිද්දෙණිය මීගස්ආර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී නිලධාරීන් විසින් ඔහු සන්තකයේ තිබූ රුපියල් කෝටි තුනක් පමණ වටිනා මෝටර් රථ 02 ක්, මීගස්ආර ප්‍රදේශයේ සැකකරු විසින් ඉදිකොට ඇති වායු සමීකරණය කරන ලද තෙමහල් නිවසක් සහ මිද්දෙණිය නගරයේ ඇති දෙමහල් ගොඩනැගිල්ලක් සිය භාරයට ගෙන ඇත.

වසර දහයක පමණ කාලයක සිට සැකකරු තණමල්විල ප්‍රදේශයේ කංසා වගා කරමින් ඒවා බෙදාහැරීමේ ජාවාරමක යෙදී ඇති බවයි, පොලීසිය සඳහන් කරන්නේ.

ඉන් උපයා ගත් මුදලින් පොලිස් භාරයට ගත් දේපළ උපයාගන්නට ඇතැයි පොලිසිය සැක කරයි. සැකකරුට අයත් බව සැලකෙන වත්කම්වල වටිනාකම රුපියල් කෝටි 12ක් පමණ වන බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.