මැදපෙරදිග උණුසුම් වෙයි - ඉරාන විදේශ ඇමති හදිසියේම ඉරාකයට යයි
Iran
Iraq
Latest Headlines
Sinhala news
Iran-Israel War
By R.rishma
ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරග්චි මහතා හදිසි රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සඳහා ඉරාකය බලා පිටත්ව ගොස් ඇති බව ජාත්‍යන්තර විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
මැදපෙරදිග කලාපය තුළ පවතින වත්මන් නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ සිදුවන මෙම සුවිශේෂී සංචාරයේදී ඔහු ඉරාකයේ රාජ්‍ය නායකයින් ඇතුළු එරට ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයින් රැසක් හමුවී ඉතාමත් තීරණාත්මක සාකච්ඡා කිහිපයකට අඛණ්ඩව නිරත වීමට නියමිතව ඇත.
එහිදී ඉරානය සහ ඉරාකය අතර පවතින ඓතිහාසික ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ වර්තමාන කලාපීය වර්ධනයන් ඇතුළු දෙරටටම වැදගත් වන අනෙකුත් පොදු කරුණු කෙරෙහි ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරනු ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.