මිද්දෙණියේ ප්‍රථම වරට පැවැත්වූ ලෙදර් පන්දු තරඟාවලියේ ශූරතාවය මැදමුලනට..(PHOTOS/VIDEO)

Sri Lanka Cricket Sri Lanka
By Aruna සති 3 කට පෙර

මිද්දෙණිය ක්‍රීඩා සමාජය මගින් පාසල් දරුවන් වෙනුවෙන් ප්‍රථම වරට පවත්වනු ලැබූ පහලොවෙන් පහලොව ලෙදර් පන්දු තරඟාවලිය පෙරේදා(25) දිනයේදී මිද්දෙණිය ජාතික පාසල් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

මේ අවස්ථාවට හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති භානුක මහත්මා , ඇතුලු නිලධාරීන් කිහිප දෙනෙක් ද,මිද්දෙණිය පොලිස් ස්ථානාධිපතිතුමන්, ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති කුමාර මහත්මා සහ පොලිස් නිලධාරීන්, මිද්දෙණිය ක්‍රීඩා සමාජයේ සාමාජිකයින් සහ මිද්දෙණිය වෙළඳ සංගමයේ පිරිසක්ද එක්ව සිටියහ.

මෙම තරඟාවලිය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රධාන පාසල් කිහිපයක් අතර සිව්කොන් තරඟයක් ලෙස පැවැත්වූ අතර, ඒ සඳහා මිද්දෙණිය ක්‍රීඩා සමාජ කණ්ඩායම,මැදමුලන ඩී.ඒ රාජපක්ෂ විද්‍යාලය,කිරම ධම්මානන්ද මහා විද්‍යාලය සහ උතුරු කණුමුන්දෙණිය මහා විද්‍යාලය එක්ව සිටියා.

සමස්ත තරඟාවලියේ අනුශූරතාවය කිරම ධම්මානන්ද මහා විද්‍යාලයට හිමිවූ අතර ශූරතාවය දිනාගත්තේ මැදමුලන ඩී.ඒ රාජපක්ෂ විද්‍යාලයයි.

මේ අවස්ථාවට අදාල පාසල් වල විදුහල්පතිවරුන්,ගුරුභවතුන්, එම පාසල් වල දරුවන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියා.

පාසල් දරුවන්ට ජාත්‍යන්තර තරඟයක අත්දැකීම් ලබාදීම මෙම තරඟාවලියේ මූලික අරමුණ වූ බව මිද්දෙණිය ක්‍රීඩා සංගමයේ ප්‍රධාන පුහුණුකරු නේලක මහතා අප සමඟ කියා සිටියා.

මෙම තරඟාවලිය වෙනුවෙන් මිද්දෙණිය ක්‍රීඩා සමාජයේ ආරම්භක සාමාජිකයින් වන තරිඳු,සමීර සහ කවිඳු යන මහත්වරුන්ද එක්ව සිටියා.

තරඟාවලිය අවසානයේ ජයග්‍රාහකයින් හට සහතික සහ කුසලානයන් ප්‍රධානයක්ද සිදු කෙරුණා.

සමාරම්භක මොහොතේ වීඩියෝ දර්ශන පහතින් නරඹන්න.


ජයග්‍රාහකයින් හට සහතික සහ කුසලානයන් ප්‍රදානය කරන අවස්ථාවේ වීඩියෝ දර්ශන පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery