පළමු වතාවට මව්කිරි වලන් ක්ෂුද්‍ර ප්ලාස්ටික් සොයාගැනේ.

World Health Organization Ministry of Health Sri Lanka
By Wayomi Oct 09, 2022 09:24 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ළදරුවන්ට ඇති විය හැකි සෞඛ්‍ය බලපෑම් පිළිබඳව පර්යේෂකයන් දැඩි සැලකිල්ලක් දක්වනවා. ඉතින් ඒ අතරේ ඉතාලි පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කළ පරීක්ෂණයකදී ප්‍රථම වරට මිනිස් මව්කිරිවල ක්ෂුද්‍ර ප්ලාස්ටික් හඳුනාගෙන තිබෙනවා.

ළදරුවන් විශේෂයෙන් රසායනික දූෂකවලට ගොදුරු වන අතර විද්‍යාඥයන් පවසන්නේ වැඩිදුර පර්යේෂණ කඩිනමින් සිදු කිරීම අවශ්‍ය බවයි. නමුත් ඔවුන් අවධාරණය කළේ මව්කිරි දීම ළදරුවෙකුට පෝෂණය කිරීම සඳහා හොඳම ක්‍රමය බවයි බවයි.

👩‍🍼 මෙම පර්යේෂණයට අනුව ඉතාලියේ රෝමයේදී දරු උපත් සිදු කර සතියකට පසු නිරෝගී මව්වරුන් 34 දෙනෙකුගෙන් මව්කිරි සාම්පල ලබා ගැනුණා.

👩‍🍼 ඒවායින් 75% ක් තුළ ක්ෂුද්‍ර ප්ලාස්ටික් අනාවරණය වී තිබෙනවා.

👩‍🍼 පූර්ව පර්යේෂණ මගින් මිනිස් සෛල රේඛා, රසායනාගාර සතුන් සහ සමුද්‍ර වන ජීවීන් තුළ ක්ෂුද්‍ර ප්ලාස්ටික් වල විෂ සහිත බලපෑම් පෙන්නුම් කර ඇති නමුත් ජීවමාන මිනිසුන්ට ඇති බලපෑම තවමත් හරියට හඳුනාගෙන නැහැ.

👩‍🍼 ප්ලාස්ටික් බොහෝ විට මව්කිරි වලින් සොයාගෙන ඇති phthalates වැනි හානිකර රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවා.

👩‍🍼 එය විද්‍යාඥයින් විසින් ප්ලාස්ටික් ඇසුරුම්වල සහ මුහුදු ආහාරවල, මව්වරුන් ගන්නා ආහාර පාන මෙන්ම ප්ලාස්ටික් අඩංගු පුද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදන වලින්ද සොයාගෙන තිබෙනවා.

👩‍🍼 නමුත් මව් කිරි වල ක්ෂුද්‍ර ප්ලාස්ටික් තිබීම හා ඒ හා සම්බන්ධයක් ඔවුන්ට සොයා ගැනීමට අපහසු වී තිබෙනවා. මෙයින් ඇඟවෙන්නේ පරිසරයේ සෑම තැනකම ක්ෂුද්‍ර ප්ලාස්ටික් පැවතීම සහ “මිනිසුන්ට නිරාවරණය වීම නොවැළැක්විය හැකි” බවයි.

👩‍🍼 එමෙන්ම පර්යේෂකයන් පවසන්නේ අනාගතයේ දී විශාල අධ්‍යයනයකින් මේ සම්බන්ධ විශේෂ අවදානම් සාධක හඳුනාගත හැකි වනු ඇති බවයි.

👩‍🍼 මෙම ඉතාලි පර්යේෂකයන් කණ්ඩායම 2020 දී මිනිස් වැදෑමහ තුළ ක්ෂුද්‍ර ප්ලාස්ටික් හඳුනාගෙන තිබෙනවා. එබැවින් මව්කිරි වල ක්ෂුද්‍ර ප්ලාස්ටික් පවතින බවට සාක්ෂි, ළදරුවන්ගේ අතිශයින් අවදානමට ලක්විය හැකි ජනගහනය පිළිබඳ අපගේ දැඩි සැලකිල්ල වැඩි කරන බව, Ancona හි Università Politecnica delle Marche හි ආචාර්ය Valentina Notarstefano පවසනවා.

👩‍🍼 "ගර්භණී සමයේදී සහ මවි කිරි කාලය තුළ මෙම දූෂිත ද්‍රව්‍ය වලට නිරාවරණය වීම අඩු කිරීම සඳහා ක්‍රම තක්සේරු කිරීම ඉතා වැදගත් වනු ඇත,"

👩‍🍼 මෙවැනි අධ්‍යයනයන් දරුවන්ට මව්කිරි දීම අඩු නොකළ යුතු අතර, ඒ වෙනුවට පරිසර දූෂණය අවම කරන නීති ප්‍රවර්ධනය කරන ලෙස දේශපාලනඥයන්ට බලපෑම් කිරීමට මහජනතාව දැනුවත් කළ යුතු බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.

👩‍🍼 එමෙන්ම වෙනත් මෑත කාලීන පර්යේෂණයකින් හෙළි වූයේ බෝතල් කිරි ලබාදීමෙන් දිනකට මයික්‍රොප්ලාස්ටික් මිලියන ගණනක් ළදරුවන්ගේ සිරුරට ඇතුල් වන බවත්, එළකිරිවල ක්ෂුද්‍ර ප්ලාස්ටික් අඩංගු විය හැකි බවත්ය.

👩‍🍼 ප්ලාස්ටික් අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පරිසරයට මුදා හරින අතර ක්ෂුද්‍ර ප්ලාස්ටික් එවරස්ට් කඳු මුදුනේ සිට ගැඹුරුම සාගර දක්වා මුළු ග්‍රහලෝකයම දූෂණය කරන බවයි පර්යේෂකයන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

👩‍🍼 මිනිසුන් කුඩා අංශු ආහාර හා ජලය හරහා මෙන්ම ඒවා ආශ්වාස කිරීමෙන් ද පරිභෝජනය කරන අතර ඒවා ළදරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ මළ මූත්‍රවල දක්නට ලැබෙන බව සඳහන්..

👩‍🍼 Polymers සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද මව්කිරි පර්යේෂණයේදී, ඇසුරුම්වල ඇති පොලිඑතිලීන්, PVC සහ පොලිප්‍රොපිලීන් වලින් සමන්විත ක්ෂුද්‍ර ප්ලාස්ටික් සොයා ගන්නා ලදී

👩‍🍼 කෙසේ වෙතත් ප්ලාස්ටික් ඇසුරුම් කරන ලද ආහාර පාන, ක්ෂුද්‍ර ප්ලාස්ටික් අඩංගු රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ දන්තාලේප සහ කෘතිම රෙදි වලින් සාදන ලද ඇඳුම් වලින් වැළකී සිටීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස අදාළ පර්යේෂකයන් කණ්ඩායම ගර්භනී කාන්තාවන්ට උපදෙස් දෙනවා. ඔවුන් විතරක් නෙවෙයි අනෙක් සියල්ලන්මත මේවායෙන් ඈත් වීමට වගබලා ගත යුතුයි.   


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW