ප්‍රථම වතාවට, මිනිස් ශිෂ්ණය තුළ ඇති දෙයක් සොයා ගැනේ.. විශේෂ අණාවරණයක් ඒ අතර..

Latest Headlines Decision Making
By krishani Jun 24, 2024 12:27 AM GMT
Report

මිනිස් ශිෂ්ණයේ ද ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු සොයා ගැනීමට විද්‍යාඥයන් පිරිසක් සමත් වී තිබෙනවා.

ප්‍රථම වතාවට, මිනිස් ශිෂ්ණය තුළ ඇති දෙයක් සොයා ගැනේ.. විශේෂ අණාවරණයක් ඒ අතර.. | Microplastic Particles Are Found In Human Penis

ඒ ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු විසින් සිදු කළ හැකි බලපෑමේ විශාලත්වය පෙන්වා දක්වමින් ය.

ඒ සම්බන්ධයෙන් Your Sexual Medicine Journal හි පළ කරන ලද අධ්‍යනයක දක්වා ඇත.

ඒ අනුව එහි සඳහන් කර ඇත්තේ ශිෂ්ණය ඍජු කිරීම සම්බන්ධයෙන් වූ දුර්වලතාවලට ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණි පිරිමින් හයදෙනෙකුගේ ශිෂ්ණවල penile පටක තුළ මෙම ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු හඳුනා ගෙන ඇති බවයි.

මෙහි දී වර්ග හතක ක්ෂුද්‍ර ප්ලාස්ටික් වර්ග මොවුන් තුළ තිබී හඳුනා ගෙන තිබෙනවා.

ඒ අතර polyethylene terephthalate (PET) සහ polypropylene (PP) යන ඒවා බහුලව තිබු බවයි එම පටක පරීක්ෂණයට ලක් කළ මියාමි විශ්ව විද්‍යාලයේ, කොලරාඩෝ විශ්ව විද්‍යාලයේ සහ ජර්මනියේ හෙල්ම්හෝල්ට්ස්-සෙන්ට්‍රම් හියර් යන පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් පවසා ඇත්තේ.

ප්‍රථම වතාවට, මිනිස් ශිෂ්ණය තුළ ඇති දෙයක් සොයා ගැනේ.. විශේෂ අණාවරණයක් ඒ අතර.. | Microplastic Particles Are Found In Human Penis

ලේසර් සෘජු අධෝරක්ත (LDIR) ක්ෂුද්‍ර වර්ණාවලීක්ෂය නම් තාක්‍ෂණය භාවිතයෙන් මෙම ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු හඳුනා ගෙන ඇත.

එම පටක වල ඒවා පිහිටි ප්‍රමාණයන් පවා මේ හරහා හඳුනා ගැනීමට ඔවුන් සමත් ව තිබෙනවා.

මයික්‍රෝමීටර් 20 සිට 500 දක්වා වූ දිගින් යුතු පටක සාම්පලවලින් සියයට 80ක ක්ෂුද්‍ර ප්ලාස්ටික් අන්තර්ගත ව ඇත.

ශිෂ්ණය ආශ්‍රිත පටක වල ඇති ක්ෂුද්‍ර ප්ලාස්ටික් හේතුවෙන් එහි ඍජු වීම සම්බන්ධයෙන් මෙන්ම සරු භාවය සම්බන්ධයෙන් ද ගැටළු ඇති විය හැකි බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රජනක මුත්‍රාවේදය පිළිබඳ විශේෂඥයෙකු වන රංජිත් රාමසාමි සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, මින් පෙර මිනිස් හදවතේ පටක තුල ද ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු සොයා ගනු ලැබුවේ ය.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%