මෙක්සිකෝවේ පාපන්දු තරගයක් අතර තුර ගැටුමකින් 17ක් මියයයි - සංවේදී දර්ශන සහිතයි..(VIDEO)

Mexico Queretaro Atlas footballe
By Sewvandhi Mar 07, 2022 11:12 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

මෙක්සිකෝවේ පාපන්දු තරගයක් අතරතුර ඇතිවූ ගැටුමකින්  ප්‍රේක්ෂකයින් 17 දෙනෙකුට දිවි අහිමිවී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ගැටුම හේතුවෙන් තවත් 26 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගතකර ඇති බවය.

මෙම ගැටුම ඇතිවී ඇත්තේ මෙක්සිකෝවේ ප්‍රමුඛ පෙළේ අන්තර් සමාජ ලීග් පාපන්දු තරගාවලියක් අතරතුරදීය. Queretaro සහ Atlas යන ක්‍රීඩා සමාජ අතර තරගය පැවැත්වෙමින් තිබියදී තරගය නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්ෂකයන් අතර මෙම ගටුව ඇතිවී ඇත.

තරගයේ 63 වන මිනිත්තුවේදී මෙම ගැටුම හටගත් බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි. ගැටුම හේතුවෙන් තරගය අතරමැද නවතා දැමීමට බලධාරීන් තීරණය කරනු ලැබීය.

මේ අතර මෙම තරගාවලියේ ඉදිරි තරග ද තාවකාලිකව අත්හිටුවීමට තරග සංවිධායකයින් පියවර ගෙන තිබේ. තරගය අතරතුර ඇතිවූ මෙම ගැටුමේදී ඇතැම් පුද්ගලයින්ට විශාල පිරිසක් එක්වී අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝ පට කිහිපයක සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස වාර්තාකර තිබුණි.

සංවේදී දර්ශන සහිතයි.(විදෙස් මාධ්‍යය)

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now