ලෙඩ වැඩි කරන යූරික් අම්ලය පාලනය කරන මෙන්න මේ ක්‍රම ගැන අහලා තියෙනවද ? - (VIDEO)

Healthy Food Recipes
By Wayomi Mar 15, 2024 12:06 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ඔබේ රුධිරයේ යූරික් අම්ලය වැඩිපුර තිබීම රක්තවාතයේ සිට වකුගඩු ගල් දක්වා විවිධ සෞඛ්‍ය ගැටලු ඇති කරවන්න සමත් වෙනවා .

යූරික් අම්ලය ශරීරය තුළ නිපදවන්නේ ශරීරය ආහාර පානවල පියුරීන් බිඳ දැමීමේදී තමයි .

වකුගඩු තුලින් සාමාන්‍යයෙන් මෙය බැහැර කරනු ලැබුවත් සමහර විට යුරික් විශාල ප්‍රමාණයක් රුධිරයේ පවතින අතර හයිපර්යුරිසිමියා නම් තත්වයක් ද මෙතුලින් ඇති කරනු ලබනවා.

මේ අතිරික්ත යූරික් අම්ලය මගින් ස්ඵටික සෑදිය හැකි අතර මේ නිසා ඔබේ සන්ධිවල රක්තවාතය ද ඇති කරවනු ලබනවා . ඉතින් රාත්‍රියේදී ඔබේ සන්ධිවල, විශේෂයෙන් මහපට ඇඟිල්ලේ දැඩි වේදනාවක් ඇතිවෙනවා නම් එය ආතරයිටිස් රෝගයේ සලකුණක් බව මතක තියාගන්න.

කාලයත් සමඟ මෙම යුරික් අම්ල ස්ඵටික මගින් ශරීරයට වේදනාව සහ වෙනත් හානි සිදුවෙන්න පුළුවන් . හයිපියුර්සීමියා මගින් සන්ධි, අස්ථි, කණ්ඩරාවන්ට සහ බන්ධනීයන්ට පමණක් නොව, හෘද රෝග, දියවැඩියාව, අධි රුධිර පීඩනය, වකුගඩු රෝග සහ අක්මාවේ මේද රෝග වැනි අනෙකුත් සෞඛ්‍ය ගැටලු ද ඇති කරනු ලබනවා.

ඉතින් ජලය පානය වැඩි කිරීම සහ ආහාර වේලෙහි යම් යම් වෙනස්කම් සිදු කිරීම වැනි සරල ජීවන රටාවේ වෙනස්කම් සමඟ මෙම ඉහළ යූරික් අම්ලය ඵලදායී ලෙස කළමනාකරණය කළ හැකි අතර ශරීරයේ යූරික් අම්ල මට්ටම ඉහළ යාම වැළැක්වීම සඳහා සමස්ත සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ද වැදගත් වෙනවා.

ඒ,වගේම ව්‍යායාම, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සහ ප්‍රමාණවත් නින්දක් වැනි දෛනික චර්යාවන් ඔබේ සිරුරේ දැවිල්ලට එරෙහිව සටන් කිරීමට සහ ඔබේ සිරුරේ අතිරික්ත යූරික් අම්ලය ගොඩනැගීම වැළැක්වීමට උපකාරී වෙනවා .

ඒ විතරක් නෙවෙයි විශේෂඥයන් විසින් යූරික් අම්ල මට්ටම අඩු කිරීමට උපකාර වන දේවල් කිහිපයක් ගැනද නම් කර තිබෙනවා අන්න ඒ නිසා අද අපි මේ විඉද්යෝ එකෙන් බලන්න යන්නේ අධික යුරික් අම්ල මට්ටම අඩු කිරීමට උපකාරී වන අමුද්‍රව්‍ය කිහිපයක් ගැනයි එන්න අපි දැන් ඒවා මොනවද කියල බලමු .