අද අලුයම අහස නොබලපු දෑස් කුමට ද.. ලබන 14 වෙනිදා සිදුවන විශේෂ දේ ගැනත් අවධානයෙන්..

Sri Lanka TN Weather Weather
By Aruna Nov 19, 2023 03:41 AM GMT
Report

දර්ශනීය උල්කාපාත වර්ෂාවක් ඊයේ(18) රාත්‍රියේ නිරීක්ෂණය කිරීමට හැකි වූ බවයි ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ කථිකාචාර්ය ආචාර්ය ගීතාංජන වනිගසේකර මහතා පැවසුවේ.

ඒ අනුව, ඊයේ මධ්‍යම රාත්‍රි 12.00 සිට අළුයම 02.00ත් අතර උල්කාපාත වර්ෂාව පැහැදිලිවම නිරීක්ෂණය කර හැකි වූ බවයි ඒ මහතා කියා සිටියේ.

එහිදී පැයකට උල්කා 50කට අධික සංඛ්‍යාවක් නිරීක්ෂණය කිරීමට හැකි වී තිබේ. සිංහ තරු රටාව තුළින් එම උල්කා වර්ෂාව ආරම්භ වී තිබීම ද විශේෂත්වයක්.

මේ අතර, පැයකදී නැරඹිය හැකි විශාලතම උල්කාපාත වර්ෂාව ලබන මස 14 වනදා රාත්‍රියේ දිස්වන බවයි ගීතාංජන වනිගසේකර මහතා වැඩිදුරටත් පැවසුවේ.