මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවීමක් ගැන විශේෂ නිවේදනයක්..!

Sri Lanka
By Sewvandhi Jul 24, 2023 09:51 AM GMT
Report

වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශය යටතේ පවතින වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවීම ගැන නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය දැනුම්දෙනවා.

එම කාර්යාලය දැනට කොල්ලුපිටිය, අනගාරික ධර්මපාල මාවතේ අංක 53 දරණ ස්ථානයේ තාවකාලිකව පවත්වාගෙන යනු ලබයි.

එම කොළඹ 10, මරදාන පාර, ටෙක්නිල් හන්දිය, අංක 79 යන ලිපිනයේ පිහිටි ගොඩගිලි පරිශ්‍රයකට ගෙන යෑමට නියමිත බැවින් ජුලි 28 වනදා සිට ජූලි 31 දෙදින තුළ මහජනතාවට සාමාන්‍ය සේවා සැපයීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

එමෙන්ම හදිසි සේවාවන් මාර්ගගත ක්‍රමයට පවත්වාගෙන යනු ලබන අතර ඒ සඳහා පහත විද්‍යුත් ලිපිනයන් භාවිත කළ හැකිය.

http://dmsmos@slt.lk

http://shippingooffice@slt.lk

http://visashipping@yahoo.com

http://dgms@sltnet.lk

http://newcdc2022@yahoo.com

එමෙන්ම වට්ස්ඇප් අංක 070 110 7788 අංකයට කෙටි පණිවුඩයක් යොමුකිරීමෙන් ද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.