මෙනින්ගොකොකල් උණ ව්‍යාප්තිය ගැන මතුව ආ සැකය..

Sri Lanka
By krishani Aug 30, 2023 10:02 AM GMT
Report

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර ව්‍යාප්ත වෙමින් පැවති මෙනින්ගොකොකල් බැක්ටීරියාව හේතුවෙන් එහි රැඳවියන් දෙදෙනෙකුට දිවි අහිමි විය.

එමෙන්ම මෙනින්ගොකොකල් බැක්ටීරියාව බස්නාහිර පළාත තුළ ද ව්‍යාප්ත වී ඇද්ද යන්න පිළිබඳ සැකයක් මතු වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් පළමුව අදහස් දැක් වූයේ විශේෂඥ වෛද්‍ය චමල් සංජීවයි.

මෙම රෝග ලක්ෂණ සහිතව ගාල්ල කරාපිටිය ප්‍රදේශයේ පදිංචි මාස 08ක් වයසැති බිලිඳෙකු ද මිය ගියේ ය.

එහිදී පශ්චාත් මරණ පරීක්ෂණය කළ හදිසි මරණ පරීක්ෂකවරයා සැක පළ කළේ මෙම දරුවා මිය ගියේ මෙනින්ගොකොකල් උණ රෝගයෙන්දැයි යන්නවයි.

එමෙන්ම රෝග ලක්ෂණ සහිත රෝගියෙකු IDH රෝහලේ ප්‍රතිකාර ලබන බවට ද තොරතුරු වාර්තා විය.

කෙසේ වෙතත්, මෙනින්ගොකොකල් බැක්ටීරියාව ආසාදනය වීම හේතුවෙන් වැලඳෙන උණ රෝගයේ රෝග ලක්ෂණ වන්නේ, උණ, හිසරදය, බෙල්ලේ රුදාව, ඔක්කාරය, වමනය, හිරු එළිය බැලීමට ඇති අපහසුතාව, ශරීරයේ දද හෝ කුෂ්ට මතුවීම සහ ව්‍යාකූලත්වයයි.