මිලියන 10 ක පොල්ලක් තැබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රතුඑළි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් රුපියල් මිලියන 10 ක පමණ මුදලක් ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයට අය විය යුතු බව ජාතික ජල ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයට අය විය යුතු මුදල රුපියල් මිලියන 10ක් පමණ බවයි එහි නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ජී.ඒ. පියල් පත්මනාථ සඳහන් කරන්නේ.
එම රුපියල් මිලියන 10ට අයත් ජල බිල්පත් අතරට, දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන පිරිස් විසින් රුපියල් මිලියන 3ක පමණ මුදලක් ද , පාර්ලිමේන්තුව නියෝජනය කර ඉන් ඉවත්ව සිටින පිරිසගේ රුපියල් මිලියන 4ක පමණ මුදලක් ද, පාර්ලිමේන්තුව නියෝජනය කළ මේ වන විට මියගොස් සිටින මන්ත්‍රීවරුන්ගෙන් රුපියල් මිලියන 3 ක පමණ මුදලක් ද අයත් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මෙම හිඟ මුදල් නිල නිවාස වලට අදාල ගෙවීම් නිසාවෙන් ගෙවීම් කළ යුත්තේ අමාත්‍යාංශ මට්ටමින් ද නැත්නම් අතිරික්තයක් නිසාවෙන් මන්ත්‍රීවරුන් ද යන්න තවමත් සොයා බලමින් කටයුතු කරන බවයි.
එමෙන්ම හිඟ ජල බිල්පත් ගෙවීමට මාස දෙකක කාලයක් ලබා දීමෙන් අනතුරුව අදාළ මන්ත්‍රීවරුන් ගෙවීම් නොකරන්නේ නම් සියලුම ජල සම්බන්ධතා විසන්ධි කිරීමට කටයුතු කරන බවට කතානායකවරයා වෙත දැනුවත් කළ බව ජාතික ජල ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී පවසනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |