"ඉතිහාසයේ කොහෙවත් මෙහෙම පගා ගහන ආණ්ඩුවක් තිබිලා නෑ.." - මරික්කාර් සැරටම කීව කතාව. (VIDEO)
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාවත් සමග දේශපාලන කරළිය අද (06) උණුසුම් විය.
විශ්වාසභංගයට පක්ෂව මෙන්ම විපක්ෂව පාර්ලිමේන්තුවේ විවිධ අදහස් හුවමාරු වූ අතර බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවේ සිදුකෙරුණු පාස්කු ප්‍රහාරය පිළිබඳ නවතම අනාවරණය හේතුවෙන් මෙම තත්වය තවත් උණුසුම් විය.
එහිදී අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ දැඩි වේගවත් මෙන්ම උද්වේගකාරී අදහස් දැක්වීම කැපී පෙණුනි.
අද වන විට රට තුළ ඖෂධ වර්ග 320ක් නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සිදුකරනු ලබන සොරකම්, වංචාවන් සම්බන්ධයෙන් ද එතුමාට සඳහන් කළ හැකි බව මන්ත්‍රීවරයා කියා සිටියේ ය.
එමෙන්ම විශ්වාසභංගය සෞඛ්‍ය අමාත්‍යවරයාට පමණක් නොව ආණ්ඩුවටම ගෙන ආ යුතුය යන්න එතුමාගේ අදහස විය.
වැඩිදුරටත් මන්ත්‍රීවරයා දැක්වූ අදහස් ඇතුළත් වීඩියෝව පහතින් නරඹන්න,