ලොවක් හඬවමින් සුප්‍රසිද්ධ යූ ටියුබ් තාරකාවිය සඳහටම නික්ම යයි..(VIDEO)

America cancer michel You tube
By Sewvandhi Jan 27, 2022 09:46 AM GMT
Report

යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලය මේ වනවිට ලොවපුරා ප්‍රචලිතව අවසන්ය. විවිධ නිර්මාණකරුවන් මෙය තම නිර්මාණ එළිදැක්වීමට තෝතැන්නක් කරගෙන ඇත.

ඉන් ඔවුන් ආදායමක් උපයන ගමන් සමාජයට ද දැනුමක් ලබාදෙයි. විවිධ අත්කම් නිර්මාණ සිදුකරන අයුරු ලෝකෙට ම කියාදුන් ලොවපුරා කාන්තාවන් අතර අතිශය ජනප්‍රිය වූ එවැනි නිර්මාණ ශිල්පිනියකට අත්වූ අවාසනාවන්ත ඉරණමක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඇය නමින් මෙලනි හැම් වේ. ලොස් ඇන්ජලීස් හි පදිංචිකාරිනියක් වන මෙම දෙදරු මව අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ඇත.

පිළිකා රෝගයකින් පෙළුණු ඇය මිය යන විට 36 හැවිරිදි වියේ පසුවිය. සිය 16 වන විවාහ සංවත්සරයට දිනකට පෙර ඇය සිය සැමියා සහ දරු දෙදෙනා මෙලොව තනිකර සදහටම නික්ම ගොස් ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now