මීගොඩ සිදුවූ දැවැන්ත මුදල් කොල්ලය..!

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Gagana Sep 25, 2023 01:19 PM GMT
Report

අද (25) දින සවස මුහුණු සම්පූර්ණයෙන්ම ආවරණය වන සේ යතුරු පැදි හිස් වැසුම් පැළද ගිනි අවි දෙකක් අතැතිව පැමිණි පුද්ගලයන් දෙදෙනකු ගෘහ භාණ්ඩ තොග වෙළදසැලක සේප්පුවේ තිබූ රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් කොල්ලකා පලා ගොස් තිබෙනවා.

ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ පිස්තෝලයක් රැගෙන ආයතනයට ඇතුළු වී එහි පිළිගැනීමේ නිළධාරිණියන් දෙදෙනා බියගන්වා එහි තිබූ මුදල් රැගෙන පලා ගොස් ඇති බවද පොලිසිය පවසයි.

සැකකරුවන් යතුරුපැදියකින් පලාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ෂණ සිදුකරනවා.