ඖෂධ මිල ගැන විෂයභාර අමාත්‍යවරයා කියන දේ.

Keheliya Rambukwella Sri Lanka Politician Sri Lanka Ministry of Health Sri Lanka
By krishani May 31, 2023 12:40 PM GMT
krishani

krishani

in ඖෂධ
Report

ඩොලරයේ අගය පහළ යාමට සාපේක්ෂව ඉතා කඩිනමින් ඖෂධ මිල අඩු කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.

ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී ය.

ඩොලරයේ අගය පහළ ගිය ද ඊට සාපේක්ෂව ඖෂධ මිල අඩු නොවීම ගැටළුවක් බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මේ අතර, ලෝක වෙළෙඳපොළෙහි සිමෙන්ති, යකඩ සහ ඇලුමිනියම් ඇතුළු භාණ්ඩ රැසක මිල පහත බැස තිබෙනවා.

ඒ සමග ඩොලරය අවප්‍රමාණය වීමේ වාසිය ද මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය බලගැන්වීම සඳහා යොදා ගත යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ ය.

ඒ අනුව රුපියලේ අගය 20%කින් පමණ අධිප්‍රමාණය වී ඇති පසුබිමක් තුළ ගොඩනැගිලි ද්‍රව්‍ය මිල පහළ ගොස් ඇති ආකාරය සොයා බැලීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (30) මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යංශයේ දී පැවැත්විණ.

එහිදී විශේෂයෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රය යළි බලගැන්වීම සඳහා වන යෝජනා රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join