අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් විශේෂ තීරණයක්

Keheliya Rambukwella Shehan Semasinghe Sri Lanka
By Sewvandhi Jun 22, 2023 02:48 PM GMT
Sewvandhi

Sewvandhi

in ඖෂධ
Report

වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ,අත්‍යවශ්‍ය ඖෂධ බාධාවකින් තොරව ගෙන්වීම සඳහා මුදල් අමාත්‍යාංශයේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන බවයි.

අද (22) සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමඟ මුදල් අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් 2022 අය වැයෙන් වෙන් කරන ලද මුදල් ප්‍රතිපාදනවලින් මෙතෙක් වියදම් නොකළ ප්‍රතිපාදන මෙම අවස්ථාවේ දී ප්‍රයෝජනයට ගනිමින් අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා කටයුතු කිරීමටයි මෙහිදී තීරණය කර ඇත්තේ.

එමෙන්ම කඩිනමින් මහා භාණ්ඩාගාරයෙන් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිකුත් කිරීමට කටයුතු කරන බව ද ඔහු එහිදී සඳහන් කළා.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%