සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු ගැන ගත් තීරණය

Sri Lanka Ministry of Health Sri Lanka Sagala Ratnayaka
By Sithumi Jul 07, 2023 04:59 PM GMT
Sithumi

Sithumi

in ඖෂධ
Report

අද (07)ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයේන්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා  ජනාධිපති කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවැත්වුණා.

එම සාකච්ඡා සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ජනාධිපති ලේකම් සමන් ඒකනායකල මුදල් අමාත්‍යාංශයේ ලේකම්ල සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූ බව සඳහන්.

එහිදී ඖෂධ හිඟය, වෛද්‍ය උපකරණ පිළිබඳ ගැටලුල ඖෂධ වල ප්‍රමිතිය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආශ්‍රිත ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනීම පිළිබඳ සාකච්ඡා කර ඇති අතර මාධ්‍ය වාර්තාවල සත්‍ය අසත්‍යතාවය කඩිනමින් සොයා බලා යම් අඩු පාඩු සිදුව ඇත්නම් කඩිනමින් ඒ පිළිබඳ අවධානය යොමු කර ජනතාවට සහන සැලසීමට කටයුතු කරන ලෙසයි සාගල රත්නායක මහතා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.

එමෙන්ම ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය සමය තුළඳී සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම්කරුවන් සඳහා මුදල් ගෙවීමේ ප්‍රමාදයක් සිදුවී ඇති අතර මෙම වසර ආරම්භයේ සිට එම හිඟ මුදල් ක්‍රමානුකූලව පියවීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත මුදල් අමාත්‍යංශය විසින් කටයුතු කර තිබෙන බවද මෙහිදී අනාවරණය කෙරුණා