තවත් ඖෂධ කාණ්ඩ දෙකක් භාවිතයෙන් ඉවතට..

Sri Lanka Ministry of Health Sri Lanka Dr. Asela Gunawardana
By Sewvandhi Jul 21, 2023 02:25 PM GMT
Sewvandhi

Sewvandhi

in ඖෂධ
Report

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ, තවත් නිර්වින්දන ඖෂධ කාණ්ඩ දෙකක් භාවිතයෙන් ඉවත් කළ බවයි.

ඔහු මේ බව අවධාරණය කළේ, අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙම නිර්වින්දන ඖෂධ කාණ්ඩ දෙක,ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් නිකුත් කළ වාර්තාවට අනුව භාවිතයෙන් ඉවත් කළ බව වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

 වෛද්‍යවරයා සඳහන් කළේ,එම ඉවත් කළ නිර්වින්දන ඖෂධ වෙනුවට වෙනත් නිර්වින්දන ඖෂධයක් ලැබී ඇති බැවින් ඒවා රෝහල් වෙත යොමු කිරීමට කටයුතු කරන බවයි.

කිසිවිටකත් ප්‍රමිතියෙන් තොරවූ ඖෂධ ගෙන්වීමට අවසරයක් නොමැති බවත් සෑම විටම ඖෂධ ආනයනය සිදුකරන්නේ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා ප්‍රමිතීන්ට අනුව බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත.

නමුත් යම් යම් අවස්ථාවලදී ඇතැම් ඖෂධ භාවිතයේ දී සංකූලතා ඇති වන අතර, එවැනි අවස්ථාවන්හීදී එම ඖෂධය භාවිතයෙන් ඉවත් කරන බවත් එය සාමාන්‍යයෙන් සිදුකරන ක්‍රියාපටිපාටිය බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැහැදිලි කරයි.