ඖෂධ ගැටලුවට අලුත් කමිටුවක්

Keheliya Rambukwella Sri Lanka Ministry of Health Sri Lanka
By Sewvandhi Jul 17, 2023 04:48 PM GMT
Report

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින්, ඖෂධ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව කරුණු සොයාබැලීමට විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.

එහි සභාපතීත්වය වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය දේදුනු ඩයස් දරණ අතර මහාචාර්ය චන්දිම ජීවන්දර, මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති, ආචාර්ය සෙනිත ලියනගේ, මහාචාර්ය නිතුෂි සමරනායක, මහාචාර්ය එස්. එස්. පී වර්ණකුලසූරිය සහ ආචාර්ය ෆිලිප් එච්.ලී එහි සාමාජිකයන් වෙයි.