මතීෂට හෙට තරගය අහිමි වෙයි ද?.

Cricket Sri Lanka Cricket Sri Lanka India
By krishani Oct 20, 2023 02:32 PM GMT
Report

හෙට (21) පැවැත්වෙන නෙදර්ලනයට එරෙහි තරගය සඳහා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ක්‍රීඩා නොකරන බව වාර්තා වේ.

එයට හේතුව ඔහුගේ උරහිසේ ආබාධය පූර්ණ වශයෙන් සුව නොවීම නිසාවෙන් බවට තොරතුරු වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා පිලේ සහය පුහුණුකරු නවීඩ් නවාස් සඳහන් කළේ ඔහුගේ ආබාධය පිළිබඳව ඉදිරි දින කිහිපයේ දී තීරණයක් ගනු ලබන බවයි.

කෙසේ වෙතත්, හෙට (21) එක්දින ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන සිව්වන තරගය ලක්නව් හි දී පැවැත්වීමට නියමිතයි.