දෝනි විසින් මතීෂ ගැන කළ ප්‍රකාශයට වාස් එකඟ වෙයි...මාලිංග ගේ විරෝධය..
ශ්‍රී ලංකා වේගපන්දු වන යොවුන් ක්‍රීඩක මතීෂ පතිරණ සම්බන්ධයෙන් ඉන්දීය හිටපු ක්‍රිකට් නායක සහ චෙන්නයි කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි විසින් කරන ලද ප්‍රකාශය ශ්‍රී ලංකාවේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මහේන්ද්‍ර සිං දෝනි සඳහන් කරන ලද්දේ, මතීෂ පතිරණ ඉදිරියේදී ටෙස්ට් තරග වලට වඩා 20-20 එක් දින තරඟ වලට ප්‍රමුඛත්වය ලබාදීම සුදුසු බව තම පෞද්ගලික මතය බවයි.
එය ඔහුගේ දිගු කාලිනී ක්‍රීඩාව සඳහා වැදගත් වනු ඇති බවත් දෝනි පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත් දෝණිගේ එම ප්‍රකාශය බැහැර කරමින් ලසිත් මාලිංග සඳහන් කර ඇත්තේ, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ශිල්පීය ක්‍රම සහ ශක්තිය වඩාත් දියුණු වන බැවින් ටෙස්ට් තරග සදහාද මතීෂ යොදා ගත යුතු බවයි.
නමුත් ශ්‍රී ලංකාවේ හිටපු තවත් සුපිරි වේගපන්දු ලකුණු චමින්ද වාස් සඳහන් කරන්නේ, මහේන්ද්‍ර සිං දෝනි විසින් සිදු කර ඇති ප්‍රකාශය තමන් අනුමත කරන බවයි.
මතීෂ වැනි ක්‍රීඩකයන් වැඩි කාලයක් ක්‍රීඩා කිරීමට නම් ටෙස්ට් තරගවලින් ඉවත් කර තැබීම සුදුසු බවද චමින්ද වාස් වැඩිදුරටත් සඳහන් කර ඇත.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |