මතීෂ පතිරණට අලුත් තැනක් ..!

Cricket Indian Cricket Team
By Sewvandhi 2 years ago
Report

 ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් අතර 10වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට මතීෂ පතිරණ සමත්ව ඇති බව වාර්තා වනවා.

චෙන්නායි කණ්ඩායම නියෝජනය කරන මතීෂ මේ දක්වා තරග 11කට සහභාගී වෙමින් බිද හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 17කි. 

 මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේදී විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වූ මතීෂ අවස්ථා ගණනාවකදී ක්‍රිකට් විචාරකයින්ගේ ඇගයීමට ද ලක්වුණි.

තරගාවලියේ චෙන්නායි කණ්ඩායම නියෝජනය කරන මහීෂ් තීක්ෂණ කඩුලු 11ක් ලබා වැඩිම කඩුලුලාභීන් අතර විසිපස්වන ස්ථානයේ පසුවෙයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now