මාතරදී කිඹුලෙක් විසින් පුද්ගලයෙකු නිල්වලා ගඟට ඇඳගෙන යයි..

Accident
By Aruna Nov 30, 2022 06:49 AM GMT
Report

නිල්වලා ගඟ අසල සිටි පුද්ගලයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබෙන පුවතක් මාතර, පීක්වැල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

එම ස්ථානයේ තිබී අදාළ පුද්ගලයාගේ බවට සැකකෙරෙන බෑගයක් සහ පාවහන් යුගලක් හමුවූ බවයි පොලීසිය පැවසුවේ.

අදාළ පුද්ගලයාගේ බවට සැකකෙරෙන ශරීර කොටස් කිහිපයක් ද එම ස්ථානය ආසන්නයේ තිබී සොයාගැණුනා.

සොයාගත් මෘත ශරීර කොටස් මාතර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය වැඩිදුර විමර්ශණ ආරම්භ කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now