ලෙඩ වූ මාතර ප්‍රාදේශීය ලේකම් රෝහලේ සිරකර සිදු කර ඇති වැඩේ..

Sri Lanka Hospitals in Sri Lanka
By Sithumi Jun 25, 2022 03:54 PM GMT
Report

අසනීප තත්වයක් හේතුවෙන් මාතර මහ රෝහල වෙත ඇතුලත් වු මාතර ප්‍රාදේශීය මහ ලේකම් කෞෂල්‍යා කුමාරි මහත්මිය එම රෝහලේ සේවක සේවිකාවන් ශල්‍යාගාරය තුළ සිර කර තබා ගෙන සිටියදී පොලිසිය මැදිහත්ව ඇය ප්‍රතිකාර සඳහා මාතර සමූපාකාර රෝහල ඇතුළත් කරනු ලැබ සිටියි.

තමන්ට ඊයේ දින ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබා නොදුන්නැයි කියමින් රෝහල් සේවකයන් එම විරෝධතාවය දක්වන ලදි.

කෙසේ වෙතත් පැයක පමණ කාලයක් රෝහලේ ශල්‍යාගාරයක් තුල සිර වී සිටි ප්‍රාදේශීය මහ ලේකම්වරිය මාතර සහකාර පොලිස් අධිකාරී අයි.ජී.චන්ද්‍රසේන හා මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චි යන මහත්වරු ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මුදා ගෙන රෝහලෙන් පිටතට කැදවා ගෙන එනු ලැබීය. පසුව ඇය මාතර සමුපකාර රෝහල වෙත ඇතුලත් කෙරිණි.