සමූල ඝාතකයෙකුගේ මොළය දන්දෙයි.- මොකක්ද ඒ කරන්න යන්නේ? - (VIDEO)

World Murder
By Wayomi Jul 11, 2024 02:58 PM GMT
Wayomi

Wayomi

in ලෝකය
Report

සමූල ඝාතක 'නිකොලස් කෘස් විසින් 'විද්‍යාත්මක පර්යේෂණ කටයුතු සිදුකිරීම' සඳහා සිය 'මොළය දන් දීමට' කැමැත්ත පළ කර තිබෙනවා.

ඔහු වසර හයකට පෙර ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ උසස් විදුහලක සිසුන් හා ආචාර්ය මණ්ඩල සාමාජිකයන් 17 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම හේතුවෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී සිටිනවා.

ඒ, නීතිවේදියකු විසින් ඔහුගෙන් සිදුකරන ලද ඉල්ලීමකට අනුව වන අතර 'කෘස්' මෙලෙස සිය කැමැත්ත පළකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

විදුහල්පතිවරුන්ට විශේෂ දීමනාවක්. - ගුරුවරුන්ටත් හිමි වෙයිද? - ඇමතිගෙන් ප්‍රකාශයක්. - (VIDEO)

විදුහල්පතිවරුන්ට විශේෂ දීමනාවක්. - ගුරුවරුන්ටත් හිමි වෙයිද? - ඇමතිගෙන් ප්‍රකාශයක්. - (VIDEO)


සමූල ඝාතකයෙකු ලෙස හැඳින්වෙන 'නිකොලස් කෘස්' මේ වනවිට 25 වන වියේ පසුවනවා.

ඔහු 2018 වසරේ පෙබරවාරි මස 14 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ පාක්ලන්ඩ් හි Marjory Stoneman Douglas High School හි සිසුන් සහ ආචාර්ය මණ්ඩල සාමාජිකයින් 17 දෙනෙකු ඝාතනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට පත් වූ අතර එම වෙඩි වරුසාවට හසු වු 'ඇන්තනි බෝර්ගේස්' නමැති සිසුවා ඔත්පල තත්ත්වයකට පත්වුණා.

එවකට 15 හැවිරිදි වියෙහි පසු වූ 'ඇන්තනි බෝර්ගේස්' හට සැකකරු විසින් වෙඩි පහර 05ක් එල්ල කර තිබු බවද සඳහන්.

'ඇන්තනි බෝර්ගේස්' මේ වනවිට 21 වන වියෙහි පසුවන අතර ගත වු පසුගිය වසර 06ක කාලය පුරා ඔහු ඉතා වේදනාකාරී ජීවිතයක් ගතකළ බවයි වාර්තා වන්නේ.

මෙරටට පෙට්‍රල්- ඩීසල් ගෙන්වීම නතර වෙයි.? - කැබිනට් අනුමැතියත් සමඟ ලංකාවේ කරන්න යන දේ මෙන්න.

මෙරටට පෙට්‍රල්- ඩීසල් ගෙන්වීම නතර වෙයි.? - කැබිනට් අනුමැතියත් සමඟ ලංකාවේ කරන්න යන දේ මෙන්න.


'ඇන්තනි බෝර්ගේස්' ගේ නීතිඥයා වන 'ඇලෙක්ස් ඇරියසා' විසින් විත්තිකරුට 'කෘස්ගේ මොළය විද්‍යාත්මක පරීක්ෂණ සඳහා ලබාදෙන ලෙසට' අසාමාන්‍ය කෝන්දේසියක් ඉදිරිපත් කර තිබු බවත් ඒ ඉල්ලීමට කෘස් මෙලෙස එකඟ වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

'බෝර්ගේස්' ගේ නීතිඥයා වන ඇරියසා ප්‍රකාශ කර ඇත්තේ ඝාතක 'කෘස්' ගේ මොළය විද්‍යාඥයන් විසින් පරීක්ෂාවට ලක් කිරීමෙන් 'මෙවැනි රකුසකු නිර්මාණය වී ඇත්තේ කෙසේද?' යන්න පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකි වනු ඇති බවයි.

ඒ අනුව මෙවැනි රකුසන් යළි නිර්මාණය නොවීමට වගබලාගත හැකි බවටත්, මෙයට හේතු වූ යම් ආකාරයක අසමතුලිතතාවයක් අනාගතයේදී වළක්වා ගත හැකි බවටත් 'ඇරියසා' නමැති නීතිවේදියා ප්‍රකාශ කර ඇත.

ඉදිරි සති දෙක තුළ වේග සීමා රෙගුලාසි එළියට. - වෙනදා ගිය විදිහට ආයෙත් වාහනයේ යන්න වෙන්නේ නෑ.

ඉදිරි සති දෙක තුළ වේග සීමා රෙගුලාසි එළියට. - වෙනදා ගිය විදිහට ආයෙත් වාහනයේ යන්න වෙන්නේ නෑ.


තවදුරටත් ඔත්පල තත්ත්වයේ පසුවන 'බෝර්ගේස්' හට ඇමරිකානු ඩොලර් හාරලක්ෂ තිස් දහසක වන්දි මුදලක් ගෙවීමට ද ඝාතකයා එකඟ වී ඇති අතර එම මුදල ඔහුගේ සමීප ඥාතියෙකුගේ ජීවිත රක්ෂණයෙන් ලබාගෙන ගෙවීමට කෘස් එකඟ වී තිබෙනවා.

දැන් නම් වැලේ වැල් නැතිවෙයි. - සේවයට වාර්තා නොකළ සියළුම දුම්රිය සේවකයින් ගැන හදිසි තීරණයක් ගනී.

දැන් නම් වැලේ වැල් නැතිවෙයි. - සේවයට වාර්තා නොකළ සියළුම දුම්රිය සේවකයින් ගැන හදිසි තීරණයක් ගනී.


2018 සිදුවු එම ප්‍රහාරය සඳහා සැකකරු Cruz AR-15 ප්‍රහාරක රයිෆලයක් භාවිතා කර තිබූ අතර එය එක්සත් ජනපද ඉතිහාසයේ සිදුවු මාරාන්තික සමූහ වෙඩි තැබීම්වලින් එකක් ලෙසයි අදටත් හඳුන්වනු ලබන්නේ. 

ක්ලබ් වසන්තගේ ඝාතකයන් කොටු කරගැනීමේ මෙහෙයුම දැන් ලැබුණු අලුත්ම ආරංචිය.

ක්ලබ් වසන්තගේ ඝාතකයන් කොටු කරගැනීමේ මෙහෙයුම දැන් ලැබුණු අලුත්ම ආරංචිය.

ක්ලබ් වසන්තට වෙඩි තියන ආකාරය ඇතුළත් CCTV දර්ශන එළියට. - (VIDEO)

ක්ලබ් වසන්තට වෙඩි තියන ආකාරය ඇතුළත් CCTV දර්ශන එළියට. - (VIDEO)