බෙලිඅත්තේ සමූහ ඝාතනය ගැන එළියට ආ තවත් තොරතුරු.. (PHOTOS)

Sri Lanka Police Sri Lanka Police Investigation Latest Headlines Decision Making
By krishani Feb 09, 2024 12:20 PM GMT
Report

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට භාවිතාකල බවට සැක කරන කොස්ගොඩ සුජීගේ T56ක් කොළඹ අපරාධ කොට්ඨාසය සොයාගෙන තිබෙනවා.

බෙලිඅත්තේ සමූහ ඝාතනය ගැන එළියට ආ තවත් තොරතුරු.. (PHOTOS) | Mass Murder At Beli Aththa

කොළඹ අපරාධ කොට්ඨාශයේ වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස්‌ අධිකාරි නෙවිල්ද සිල්වා මහතාට පුද්ගලික ඔත්තූකරුවකුගෙන්‌ ලද තොරතුරක්‌ මත කරනලද විමර්ශනයකට අනුව කොස්ගොඩ සුජීට අයත් T56ක් සමග සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අතඩංගුවට ගෙන ඇත්තේ පහලපිටිය වත්ත, හැගල්ල, කොස්ගම ලිපිනයේ පදිංචි වයස අවුරුදු 36ක් වන යුධ හමුදාවෙන් පලා ආ පුද්ගලයෙක් බව පොලීසිය පවසයි.

කොස්ගොඩ සුජී විසින් මෙම සැකකරු වෙත මෙම ගිනි අවිය සඟවා තැබීමට ලබාදී ඇති බව මූලික විමර්ශන වලදී අනාවරනය වී ඇත.

බෙලිඅත්තේ සමූහ ඝාතනය ගැන එළියට ආ තවත් තොරතුරු.. (PHOTOS) | Mass Murder At Beli Aththa

බෙලි අත්තේ දී සිදු වුන පංච පුද්ගල ඝාතනයට භාවිතාකල ගිනි අවියක් බවට සැකකරන අතර කොළඹ අපරාධ කොට්ඨාසය ඒ පිලිබද විමර්ශන සිදුකරනු ලබයි.

සැකකරුගේ නිවස ආසන්නයේ කුරුඳු ඉඩමක සඟවා තිබියදී මෙම ගිනි අවිය සොයාගෙන ඇත.

නීති විරෝධී ගිනි අවියක්‌ ලග තබාගෙන සිටින පුද්ගලයකු පිලිබදව කොළඹ අපරාධ කොට්ඨාශයේ වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස්‌ අධිකාරි නෙවිල්ද සිල්වා මහතාට පුද්ගලික ඔත්තූකරුවකුගෙන්‌ ලද තොරතුරක්‌ මත එකී තොරතුර පිලිබදව විමර්ශන ඒකක 01 ස්ථානාධිපති පොලිස්‌ පරික්ෂක නිශාන්ත නිලධාරියා විසින්‌ විමර්ශණ සිදුකර තොරතුරට අදාල පහත සදහන්‌ සැකකරුවෙකු ඊයේ දින අත්‌අඩංගුවට ගෙන සැකකරුගේ ප්‍රකාශ හා මග පෙන්වාදිම්‌ මත සැකකරු පදිංචි නිවසට ආසන්න කුරුදු ඉඩමක වල දමා සගවා තිබියදි T56 වර්ගයේ ගිනි අවියක්‌ එයට භාවිතාකරන මැගසිනයක්‌ හා ජිව උණ්ඩ 32 ක්‌ සොයාගෙන ඇත.

එම සැකකරු සම්බන්ධයෙන්‌ සිදුකල වැඩිදුර විමර්ශණයේදි දැනට විදේශගතව සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්‌ සාමාජිකයකු වන ජගමුනි සුජිවද සොයිසා නොහොත්‌ කොස්ගොඩ සුජි නැමැත්තා විසින්‌ මෙම ගිනි අවිය සැකකරු වෙත ලබාදි ඇති බවට අනාවරනය වි ඇත.

සැකකරු 2008 වසරේ ශ්‍රි ලංකා පාබල හමුදාවේ සේවයට බැදි 2009 වසරේ සිට ඉන්‌ පලාවවිත්‌ ඇති බවට අනාවරනය කර ඇත.

බෙලිඅත්තේ සමූහ ඝාතනය ගැන එළියට ආ තවත් තොරතුරු.. (PHOTOS) | Mass Murder At Beli Aththa

සැකකරු මේ වනවිට මත්ද්‍රව්‍ය භාවිතයට තදින්‌ ඇබ්බැහි වි සිටින බවට වාර්තා වේ.

අඩංගුවට ගෙන ඇති සැකකරු සිදුකරන ලද අපරාධ සම්බන්ධයෙන්‌ සහ කොස්ගොඩ සුජි නැමැත්තාගේ කණ්ඩායම්‌ විසින්‌ පසුගිය කාලයේදි සිදුකරන ලද මනුෂ්‍ය ඝාතන භා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම්‌ වලට අදාලව මෙම ගිනි අවිය යොදාගෙන ඇති ද යන්න පිලිබදව අනාවරණය කරගැනිමට සැකකරු විසින්‌ ස්වංක්‍රිය ගිනි අවි භාවිතා කරමින්‌ ත්‍රස්ථවාදය වැලැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතට ගැනෙන වැරදි සිදුකර ඇති ද සම්බන්ධයෙන්‌ විමර්ශණය කල යුතු බැවින්‌ සැකකරුට ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත යටතේ පැය 72 ක කාලයක්‌ රැදවුම්‌ නියෝග ලබාගෙන ඉදිරි විමර්ශණ සිදුකිරිමට ක්‍රියාකරනු ලබයි.