ඉන්දියාවේ රසට අමුතු කෝපි රෙසිපි එකක්.

Healthy Food Recipes
By Wayomi Aug 24, 2022 12:29 PM GMT
Report

ඉන්දියාවට ආවේණික රස මසාලා කෝපි රෙසිපි එක තමයි අද දෙන්න හදන්නේ. අපි බොන සාමාන්‍ය කෝපි එකට වඩා නම් මේක ගුණයෙන් වගේම රසයෙනුත් අනුනයි.

අවශ්‍ය ද්‍රව්‍ය

☕ කිරි කෝප්ප 1 1/2

☕ මිල්ක්මේඩ් තේ හැඳි 2

☕ සීනි තේ හැඳි 4

☕ වතුර කෝප්ප 1/2

☕ නෙස්කැෆේ තේ හැඳි 1

☕ කරදමුංගු ඇට 4

☕ කරාබු නැටි 2

☕ කුරුඳු පොතු කෑල්ලක්

සාදාගන්න ආකාරය

☕ පෑන් එකකට වතුර දාලා රත්වෙනකොට කරදමුංගු, කරාබු නැටි හා කුරුඳු පොතු කෑල්ල දාගන්න.

☕ මද ගින්නේ රත් කරගන්න.

☕ විනාඩි 3කින් විතර නෙස්කැෆේ ටික දාගන්න.

☕ හොඳට කලවම් කරලා විනාඩියකින් විතර ලිපෙන් බාගන්න.

☕ වෙනම පෑන් එකකට කිරි හා මිල්ක්මේඩ් දාලා රත්කරගන්න.

☕ මේක උතුරනකොට හදාගත්තු කෝපි මිශ්‍රණය දාගන්න.

☕ නටන්න දීලා, ලිපෙන් බාලා සීනි එකතු කරන්න.

☕ පෙරලා උණුවෙන්ම බොන්න.   


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW