කාන්තාවන්ගේ විවාහ වයස තවත් ඉහළට..අනාගතයට බරපතල තත්ත්වයක්.

Indian Gossips Marriage age change
By Aruna Dec 20, 2021 02:54 AM GMT
Report

යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවෙයි කාන්තාවන්ට නීත්‍යානූකූලව විවාහවීමට අවසර ලැබෙන වයස් සීමාව වයස අවුරුදු දහඅටේ සිට විසිඑක දක්වා ඉහළ දැමීම සඳහා වන යෝජනාවකට ඉන්දීය රජය අනුමැතිය ලබාදී තිබේ.

මෙම යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවීමෙන් පසු 2006 දරන ළමා විවාහ තහනම් කිරීමේ පනතට, විශේෂ විවාහ පනතට හා 1955 දරන හින්දු විවාහ පනත යන ඒවාට අලුතින් සංශෝධන එකතු වනු ඇත.

මේ වනවිට විවාහ වීම සඳහා ඉන්දියාව තුළ පිරිමින්ගේ වයස් සීමාව අවුරුදු විසිඑකක් වන අතර කාන්තාවන් සඳහා එම සීමාව වයස අවුරුදු දහඅටකි.

පසුගිය අගෝස්තු මාසයේදී නිදහස් දින කතාවේදි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙම යෝජනාව පිළිබඳ සඳහන් කරමින් පවසා තිබුණේ තම රටේ දියණියන්ගේ හා සහෝදරියන්ගේ සෞඛ්‍ය තත්ත්වය අවධානයට ගනිමින්, නිසි වයස එළැඹෙන තුරු විවාහය පමාකිරීම මගින් ඔවුන්ව මන්දපෝෂණයෙන් ගලවා ගැනීම තම රජයේ පරමාර්ථය බවයි.

කෙසේ වුවද කාන්තා විමුක්තිවාදිනියන් හා කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින පාර්ශ්ව පෙන්වා දෙන්නේ මෙය කාන්තාවන්ට විනාශකාරී ප්‍රතිඵල ගෙනෙනු ඇති බවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ වයස අවුරුදු දහඅටට පෙර සිදුකෙරෙන විවාහ නීත්‍යානූකූල නොකිරීම නිසාවෙන් දැනටමත් අවුරුදු දහතුන, පහළොව වැනි වයස්වලදී ගැබ්ගන්නා දැරියන්ගේ තත්ත්වය වඩාත් ශෝචනීය තත්ත්වයකට පත්කරනු ඇති බවයි.

බොහෝ ග්‍රාමීය පෙදෙස්වල මව්පියන් සිය දැරියන්ව අඩු වයසින් විවාහ කොට දෙන්නේ දූෂණයට ලක්වීමේ හෝ හොර රහසේ පැනයාම වැනි සිද්ධි වළක්වාලීමේ අරමුණින් බව ඔවුහු පෙන්වා දෙති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now