සෑම මාර්තු 21වන දාවක්ම මින් ඉදිරියට සුවිශේෂී වෙයි..21 වන දා ගැන විශේෂ දැනුම්දීමක්..!
Sri Lanka Cabinet
Government Of Sri Lanka
Sri Lanka Navy
Sri Lanka Government
By Sewvandhi
මාර්තු මස 21වන දින ජාතික නාවිකයින්ගේ දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
වාර්තා වන්නේ, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවයි.
මෙහි අරමුණ වී ඇත්තේ, මෙරට දේශීය ආර්ථිකයට නාවිකයින් දක්වන දායකත්වය ඇගයීම සහ නාවික වෘත්තීය සඳහා උනන්දුවක් දක්වන්නන් ආකර්ෂණය කරගැනීමයි.
ඒ අනුව සෑම වර්ෂයකම මාර්තු මස 21වන දින ජාතික නාවිකයින්ගේ දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇති බව සඳහන් ය.