කොළඹ උණුසුම් වෙයි..! විරෝධතාකරුවන්ට පොලීසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර..(VIDEO)
Sri Lanka Police
Sri Lankan protests
Sri Lanka
Sri Lanka Anti-Govt Protest
By Sewvandhi
සමාජවාදී තරුණ සංගමය විසින් කොළඹදී සංවිධානය කර තිබූ විරෝධතාවකට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ.
අප වාර්තාකරු සඳහන් කළේ ලිප්ටන් වටරවුම අසලින් ආරම්භ වී ඩීන්ස් පාර ඔස්සේ මරදාන දෙසට ගමන් කළ විරෝධතා පාගමන වැළැක්වීම සඳහා පොලීසිය මෙලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරය එල්ල කළ බවය.
"අරගලයට නව ජවයක් - තරුණ බලය යළි කොළඹට" මැයින් සංවිධානය කර ඇති මෙම විරෝධතා පාගමන කොටුව දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරීමට නියමිතව තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |