කොරියන් රැකියා සදහා සිහින දකින්නන් වෙනුවෙන් සුභ ආරංචියක්..

Manusha Nanayakkara Sri Lanka
By krishani Jun 03, 2022 03:13 AM GMT
Report

කොරියානු රැකියා සදහා සුදුසුකම් ලබා ඇති ශ්‍රමිකයන් පිටත් කර යැවීම සම්බන්ධයෙන්, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සහ කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ මෙරට නේවාසික නියෝජිත ලී අතර පැවති හමුවක ප්‍රතිපලයක් ලෙස කොරියානු රැකියා සදහා සුදුසුකම් ලබා ඇති 5800ක් ඉදිරි මාස හය ඇතුළත දී කොරියාවට පිටත් කර යැවීම සදහා සාකච්ඡා වී ඇත.

කොරියානු රැකියා සදහා පිටත් ව යාමට සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිටත් කර යැවීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් මනුෂ නානායක්කාර කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව ඉදිරි සතියේ සිට සතියට එක් ගුවන් යානයකයින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 200 දෙනෙකු බැගින් කොරියාවට රැගෙන යාමට නියමිත අතර ඉන් පසු ව එය සතියකට ගුවන් යානා දෙකක් දක්වා වැඩි කිරීමට ද නියමිත යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join