විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ ගැන ඇහෙන සුබ පණිවිඩය..

Sri Lanka
By krishani Oct 07, 2022 11:37 PM GMT
Report

විදේශගත ශ්‍රමිකයන් පසුගිය මාසයේ දී මෙරටට එවූ මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 359 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව අගෝස්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 325 ක් වූ විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ සැප්තැම්බර් මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 359 දක්වා ඉහළ ගොස් ඇති බව කම්කරු අමාත්‍ය මනූෂ නානානයක්කාර මහතා සිය මුහුණුපොතේ සටහනක් තබමින් සඳහන් කළේ ය.

මෙය 2022 අගෝස්තු මාසයේ දී ලැබුණ මුදලට සාපේක්ෂව 10%ක ( මිලියන 34 ක) වැඩිවීමක් වේ.එය පසුගිය ජූලි මාසය සමග සසඳන විට 29%ක (මිලියන 80 ක) වැඩිවීමකී.