පෝලිම් යුගය අවසන් - අලුත් QR ක්‍රමවේදයක්..
Manusha Nanayakkara
Sri Lanka
By krishani
කම්කරු ගැටලු සහ සුබසාධනය මෙන්ම විදේශ රැකියා සම්බන්ධ සියලු තොරතුරු ඇතුලත් වැඩසටහනක් සකස් කොට ඒ සඳහා ලියාපදිංචිවීමට QR කේතයක් හඳුන්වාදීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පියවර ගෙන ඇත.
කම්කරු ගැටලු සහ සුබසාධනය මෙන්ම විදේශ රැකියා සම්බන්ධ සියලු තොරතුරු සහ අවස්ථාවන් පිළිබද ජනතාවට පූර්ණ අවබෝධයක් ලබා දීම මෙහි අරමුණ වේ.
ඒ අනුව කම්කරු අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතනවල සේවාවන් ලබාදීමට මෙන්ම දේශීය රැකියා හා ජාත්‍යන්තර රැකියා සපයන ආයතන එකට එක් කරමින් ”ග්ලෝකල් ෆෙයා 2022” වැඩසටහන ගාල්ල සමනළ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
එසේම විගමනික ශ්‍රමිකයන් සදහා වන විශ්‍රාම වැටුප් ක්‍රමවේදය, වාහන අවසර පත්‍රය ඇතුළු සියලු කරුණු පිළිබඳව මෙහිදී තොරතුරු ලබාගත හැකිය.