විදේශීය සහල් වර්ග දේශීය සහල් සමග මිශ්‍ර කර ඉහළ මිල ගණන් වලට විකුණන ජාවාරමක්

Food Shortages Sri Lanka Economic Crisis Sri Lanka Food Crisis
By Sewvandhi Jul 01, 2022 06:12 AM GMT
Report

අඩු මිල ගණන් යටතේ මෙරටට ආනයනය කරන විදේශීය සහල් වර්ග දේශීය සහල් සමග මිශ්‍ර ද කර ඉහල මිල ගණන් යටතේ අලෙවි කරමින් අනිසි ලාභ ලබන ප‍්‍රධාන පෙළේ සහල් මෝල් හිමියන් ඇතුළු තවත් මෝල් හිමියන් ඇතැයි සහල් මෝල් හිමියන්ගේ සංගමය සභාපති සහ අරලිය ව්‍යාපාරය ප්‍රධානී ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

රට තුල තවත් මාස තුනකට අවශ්‍ය සහල් තොග පවතින බවත් රජයේ සහතික මිලට ඒවා අලෙවි කළ හැකි බවත් හෙතෙම කියා සිටී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හඳුන්වා දුන් කාබනික ගොවිතැන හේතුවෙන් රටේ වී වගාව විනාශ වූ බවට ද ඔහු චෝදනා කරයි.

රටේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමට රජය සතු වගකීමක් බවද පවසන ඔහු තමන් ව්‍යාපාරිකයන් ලෙස ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමට අදාල යුතුකම් කොටස ඉටු කර ඇතැයිද කියා සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now