සහල් ආනයනය ගැන අලුත්ම තීරණයක්..!මිල යළිත් ඉහළ යයිද..?

Food Shortages Sri Lanka Food Crisis Nalin Fernando
By Sewvandhi Jan 21, 2024 08:15 AM GMT
Report

අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ, රටට අවශ්‍ය සහල් ප්‍රමාණය රට තුළම නිෂ්පාදනය කිරීමට මේ වන විටත් කටයුතු කරමින් සිටින බවයි.

ඒ අනුව සහල් රටින් ගෙන්වීමට අවශ්‍යතාවක් නැතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

1984 වර්ෂයේ ඉදිකර තිබූ, සහල් සැකසුම් ක්‍රියාවලිය වෙනුවෙන් වී අලෙවි මණ්ඩලය සතු ස්ථානයක් අද වන විට විනාශ මුඛයට යාමේ සිද්ධියක් වාර්තා වෙයි.

රුපියල් කෝටි ගණනක වියදමක් දරමින් බුල්නෑව සහල් සැකසුම් මධ්‍යස්ථානය ආරම්භයෙන් පසු ඒ හරහා විශාල පිරිසකට රැකියා ද හිමි විය.

ප්‍රදේශවාසිහු චෝදනා කරන්නේ, අඛණ්ඩ ව වසර 05ක් පුරා සහල් සැකසුම් ක්‍රියාවලිය සිදු කළ මෙම ස්ථානය වසර ගණනාවක සිට කිසිදු ප්‍රයෝජනයක් ගෙන නොමැති ව වසා දමා ඇති බවටයි.

ගොඩනැගිලි පාලුවට යාමෙන් අභාවයට පත් වන මෙම ස්ථානය අද වන විට මැසි මදුරුවන් බෝ වන ස්ථානයක් මෙන්ම ගවයන්ගේ නවාතැන්පොළක් බවට පත් ව හමාර ය.

Sponsored By Sarrita Jewellery

සහල් ආනයනය ගැන අලුත්ම තීරණයක්..!මිල යළිත් ඉහළ යයිද..? | Manufactured Rice Import