උත්සව සමයේ සහල් වලට සිදුවන දේ - විශේෂ තීරණයක් ගනී..
අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසන්නේ, එළඹෙන උත්සව සමයට අවශ්‍ය සහල් සැපයීම සඳහා කීරි සම්බා සහල් වර්ගයට සමාන සහල් තොගයක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවයි. .
වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදී, ඔහු මේ බව කියා සිටියා.
කෙසේ වෙතත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ, මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් වෙළඳපොළට කීරි සම්බා සහල් තොග නිකුත් නොකර තොග සඟවා ගැනීම මගින් කෘත්‍රිම ලෙස කීරි සම්බා සහ සම්බා සහල් හිඟයක් නිර්මාණය වී ඇති බවයි.
ඒ අනුව එම තත්ත්වය සමනය කිරීම සඳහා සහල් ආනයනයට පියවර ගත් බවයි ඔහු එහිදී පැවසුවේ කෙසේ වෙතත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ, කුඩා සහ මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් මුහුණ දෙන ගැටලු කෙරෙහි අවධානය යොමු කර ව්‍යාපාරිකයන් සවිබල ගැන්වීමට ක්‍රමවේදයක් සැලසුම් කරන බවයි.
එමෙන්ම ඉදිරියේ දී දේශීය වෙළඳපොළේ සීනි බෙදා හැරීම යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව සඳහන්
මීට අමතරව එළඹෙන උත්සව සමයේ පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 400කට ආසන්න ප්‍රමාණයක මිල අඩු කිරීමට ලංකා සතොස විසින් කටයුතු සිදු කර තිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා